අධිකරණයට ඉදිරිපත් වූ යෝෂිතට ඇප - Neth News Blog

Jun 16, 2016

අධිකරණයට ඉදිරිපත් වූ යෝෂිතට ඇප

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) ඉදිරිපත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ , දෙහිවල මිහිදු මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ ගල්කිස්ස ‍මහේස්ත්‍රාත්වරයා යෝෂිත රාජපක්ෂ මහතා මුදාහැරියේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මතයි.