ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (14) රාත‍්‍රියේ අභාවප‍්‍රාප්ත වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගෙන් පසු එම පක්ෂය යළි ශක්තිමත් කිරීමේ ගෞරවය හිමිවන්නේ සෝමවංශ අමරසිංහ මහතාටයි.
කළුතර විද්‍යාලයේ සිප් සතර හැදෑරූ සෝමවංශ අමරසිංහ මහතා 1965 වසරේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙකු ලෙස සිය පළමු හා අවසන් රැකියාව ආරම්භ කළා. ඔහු දේශපාලනයට පිවිසෙන්නේ 1965 වසරේදීයි.
1977 ආණ්ඩු පෙරලියෙන් පසු රෝහණ විජේවීර මහතා ඇතුළු පිරිසක් සිරගත වීම හේතුවෙන් පක්ෂයේ තීරණාත්මක කාර්යභාරයක් සෝමවංශ අමරසිංහ මහතා වෙත පැවරුණා. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුලත් කර ගැනෙන්නේ 1984 වසරේදීයි. පසුව විදේශගතව සිටි ඒ මහතා 1995 ජනාධිපතිවරණයෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය සමයේ යළි ශ‍්‍රී ලංකාවට පැමිණ මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළා.
මීට වසර කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඔහු ඉවත් වන්නේ අනුර කුමාර දිසානායක මහතාට පක්ෂ නායකත්වය භාර කරමින්.
Jun 15, 2016
සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
