ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් තිස් දෙනකු සඳහා වාහන මිලට ගැනීමට රුපියල් එකසිය දහඅට කෝටි විසි පන් ලක්‌ෂයක අමතර මුදලක් ඉල්ලා ඊයේ (07) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.
මෙම පරිපූරක ඇස්‌තමේන්තුව අනුව ඇතැම් ඇමැතිවරුන්ට වාහන දෙකක් මිලට ගැනීමට මුදල් ඉල්ලා තිබේ.
ඒ අනුව ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්‌කොඩි සහ නියෝජය ඇමැති අනෝමා ගමගේ මහත්මියට රුපියල් කෝටි හතක්, ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාට වාහන දෙකක් සහ නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාට වාහනයක් මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්‌ෂයක් ඉල්ලා ඇත.
නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක් සඳහා රුපියල් කෝටි පහක්, විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට සහ නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්‌නායක මහතාට රුපියල් නවකෝටි දස ලක්‌ෂයක්, මහ නගර සභා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලිගයවන්න මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්, සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්, ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට රුපියල් හයකෝටි තිස් ලක්‌ෂයක්, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාර මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්, සංවර්ධන උපාය මාර්ග රාජ්‍ය ඇමැති සූජිව සේනසිංහ මහතාට වාහන දෙකක් සඳහා රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්, නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්, නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්, ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට රුපියල් කෝටි හතක්, කර්මාන්ත ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක් විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්, රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට දෙකෝටි හැත්තෑපන් ලක්‌ෂයක්, ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්, තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියට රුපියල් හත් කෝටියක්, විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්, කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන් මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්, වාරි මාර්ග රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්, අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ නියෝජ්‍ය ඇමැති සරත් දුෂ්මන්ත මහතාට රුපියල් හත් කෝටියක්, බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් සහ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතාට රුපියල් හත් කෝටියක්, වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක් මෙසේ පරිපූරක ඇස්‌තමේන්තුව මගින් ඉල්ලා ඇත.
මෙම පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
Jun 8, 2016
ඇමති වාහනවලට කෝටි 118ක් - සුපිරි වාහන හිමිවන ඇමතිවරු 30දෙනා මෙන්න
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
