ගම්පහ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පූගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(06) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි.
අදාළ ඉඩම සම්බන්ධයෙන් පූගොඩ අධිකරණයේ නඩු කටයුත්තක් සිදුවන බවද වාර්තා වේ. මාතර, එළියකන්ද ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් මිලදීගැනීම සම්බන්ධයෙන් මාතර අධිකරණයේ පැවැත්වෙන අධිකරණ කටයුත්තකට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය 12 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබිණි.
එහෙත් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරිණි.
Jun 6, 2016
බැසිල් අත්අඩංගුවට
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
