සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීම සම්බන්ධයෙන් වගකීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විසින් බාරගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(09)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
යුද්ධය නිමාවූ පසු ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අත්දැකීම් අනුව එම අවි ඉවත් කළ යුතුව තිබුණු බවත් යුද්ධය නිමාවී වසර 6ක් ගතවූ පසුද ඒවා ඉවත් කිරීමට කටයුතු කර නොමැති බවත්, ඒ අනුව එම වගකීම ඔවුන් විසින් පැහැරහැර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
කෙසේ නමුත් ඔවුන් විසින් මෙම අවි ඉවත්කරමින් තිබුණු බවට ඇතැම් ප්‍රකාශ සිදුකර ඇති නමුත් එවැන්නක් ආවාට ගියාට සිදුකළ නොහැකි බැවින් එසේ ඉවත්කිරීමට තීරණය කර තිබුණිනම් ඊට අදාළ නිල ලියවිලි ප්‍රකාශයට පත් කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මීට පෙර 2009 වසරේ වව්නියාවේ ආයුධ ගබඩාවක් පිපුරුණු බවත්, 2014 දීද එවැන්නක් සිදුවූ බවත් එම කාලයේ අදාළ සිදුවීම් මාධ්‍ය මගින් අනාවරණය නොවුණු බවත් හෙතෙම සඳහන් කළේය.
එදා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් උදවිය මෙදා කිඹුල් කඳුළු හෙළන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
Jun 9, 2016
කොස්ගම පිපිරීමට මහින්ද - ගෝඨා වගකිව යුතුයි - අකිල විරාජ්
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
