උතුරේ දරුවන් තාම විකෘතියි.. තිස් වසරක් ඉගෙන ගත්තේ කොටි ත්‍ර‍ස්ත්‍ර‍වාදී භාෂාවයි - Neth News Blog

May 20, 2016

උතුරේ දරුවන් තාම විකෘතියි.. තිස් වසරක් ඉගෙන ගත්තේ කොටි ත්‍ර‍ස්ත්‍ර‍වාදී භාෂාවයි

වසර 30 ක් පුරා එල්ටීටීඊ යේ ත්‍ර‍ස්තවාදී භාෂාව  කථාකළ දරුවන් සැබෑ සමකාමි සහජීවනය කරා පැමිණ ඇතැයි තමා නොසිතන බව සමාජ සවිබල ගැන්වීම හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යයන ආයතනයේ පැවැති ඩිප්ලෝමා ප්‍ර‍ධානය කිරීමේ උත්සවය අමතමිනි.
ළමා ආරක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරු 27 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතික පත් බෙදා දීම මෙහිදී සිදුවිය.
ඇමති දිසානායක මහතා  උත්සවයේදී මෙසේද කීවේය.

අපි ඉතාමත් හොඳින් දන්නවා අවුරුදු 30 ක් අනිත් සෑම ප්‍රදේශයකටම වඩා වැඩිපුරම පීඩනයට ලක්වුනේ, වැඩිපුරම අසාධාරණයට ලක්වුනේ,  වැඩිපුරම ජීවිත හානි වුනේ, වැඩිපුරම ජීවිත අනාථ භාවයෙන් අනාථභාවයට ඇද වැටුණේ උතුරු නැගෙනහිර ප්‍රදේශයි. ඒ නිසාම අවු.30 ක් උතුරේ දරුවෝ නැගෙනහිර දරුවෝ ඉගෙන ගත්තේ ත්‍ර‍ස්තවාදී භාෂාවයි. ඒ නිසා ඒ දරුවෝ  තාමත් ප්‍ර‍කෘති තත්වයට ඇවිල්ල කියලා මා හිතන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් මේ දරුවන් ප්‍ර‍තිනිර්මාණය කර ගැනීම සඳහා, මේ දරුවෝ සැබෑ සාමකාමි සහජීවන ශ්‍රී ලංකාව තුළ සැබෑ පුරවැසියන් ලෙස ගොඩ නැගීම සඳහා මේ ඩිප්ලෝමාධාරින්ට කළ යුතු විශාල වැඩ කොටසක් තියෙනවා කියා මා විශ්වාස කරනවා.
– සංජය දසනායක