ජනපති මෛත‍්‍රී, ඉන්දීය අගමැතිට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී… - Neth News Blog

May 20, 2016

ජනපති මෛත‍්‍රී, ඉන්දීය අගමැතිට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී…

ඉන්දීය රජය විසින් ත‍්‍රිකුණාමලය සාම්පූර් හී ඉදි කිරීමට සූදානමින් සිටි ගල් අගුරු බලාගාරය වෙනුවට එල්.එන්.ජී. (ද්‍රව) බලාගාරයක් ඉදි කරන බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබූ ඉන්දීය සංචාරයේදී අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා මුණ ගැසී මේ ගැන සාකච්ඡ කළ බවද ඔහු කියා සිටියේය.

පරිසරයට ආදරය කරන පරිසරයට සංවේදී ජනාධිපතිවරයකු වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාගල් අගුරු බලාගාර ගැන අප‍්‍රසාදය දක්වන නිසා ඉන්දීය අගමැතිවරයා හමු වූ අවස්ථවේදී බලගාරය ගැන සිය අකමැත්ත පළ කළ බවත් ඇමතිවරයා සදහන් කලේය.