ජනපති මෛත‍්‍රී ලන්ඩනයේදී හැඳින්වුයේ ‘දුෂණයට එරෙහි වීරයා’ කියායි - Neth News Blog

May 20, 2016

ජනපති මෛත‍්‍රී ලන්ඩනයේදී හැඳින්වුයේ ‘දුෂණයට එරෙහි වීරයා’ කියායි

පසුගියදා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවති දුෂණ විරෝධී ජාත්‍යන්තර සමුළුවේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හැදින්වුයේ ‘දුෂණයට එරෙහි වීරයා’ කියා බව ඇමති මහින්ද සමරසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
ලෝකයේ ආර්ථික බලවතුන් 07 දෙනා සහභාගී වන ජී-7 සමුළුවට දකුණු ආසියාවෙන් ශ්‍රී ලංකාව හා බංගලාදේශය පමණක් සහභාගී වන බවද ඔහු පැවසීය.

එම සමුළුවේදීත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඉහල පිළිගැනීමක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මෙරටට සුවිශේෂී වාසි රැුසක් අත්කර ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කීය.