හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට සිටි හමුදා සෙබළුන් ඉවත්කර ඇමැති ආරක්‍ෂක අංශයේ පොලිස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය සහ හිටපු ජනපතිවරයා දරණ ආකල්පය නිසා පොලිසියට මදිපුංචිකමක් සිදුවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
අද පොලිස් නිලධාරීන්ද හමුදා සේවයට සමාන ආකාරයේ වෘත්තිය මට්‌ටමක සිටින අතර වසර ගණනාවක සිට පොලිස් නිලධාරීන් ප්‍රභූ ආරක්‍ෂක සේවයට යොදවා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
හමුදා ආරක්‍ෂකයන් ඉවත් කරනවා :
මේ අතර, ඊයේ (07 දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පැවසුයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට යොදවා සිටින සියලු හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.
හමුදාව ඉවත් කළ ද ආරක්‍ෂාවේ අඩුවක් නොකරන බවත් පොලිසිය, විශේෂ කාර්ය බළකාය ඒ සඳහා යොදවන බවත් හෙතෙම පැවසීය.
ප්‍රභූ ආරක්‍ෂාව සඳහා හමුදාව යෙදවීම නීතිවිරෝධී යෑයිද ජනාධිපති, අගමැති ඇතුළු සියලු දේශපාලනඥයන්ට ආරක්‍ෂාව සඳහා යෙදවීමට ප්‍රභූ ආරක්‍ෂක අංශයක් වෙනම ඇතැයි ද ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට පොලිස් නිලධාරීන් අනුයුක්‌ත කිරීමට පියවර ගන්නා බව ද ආරක්‍ෂක ලේකම්වරයා කීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට සිටි හමුදාව ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණය ගනු ලැබුයේ මීට මාස කිහිපයකට පෙර ආරක්‍ෂක මණ්‌ඩලය කළ සාකච්ඡාවකදී යැයිද ලේකම්වරයා සඳහන් කළේය.
හමුදා සාමාජිකයන් 103 ක් පොලිස් සාමාජිකයන් 103 ක් හිටපු ජනාධිපතිවරයාට ලබාදී තිබූ බවද ඒ අනුව ක්‍රමානුකූලව හමුදාව වෙනුවට පොලිසිය යෙදවීමට ක්‍රියා කරන බවද හෙතෙම කියා සිටියේය.
ගෝඨා ගේත් ඉවත් කරනවා :
ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හෝ ආරක්‍ෂාවට හමුදාව ලබාදී නැති බැවින් හිටපු ජනාධිපතිවරයාට විශේෂයක් කිරීමට නොහැකි බව ද ලේකම්වරයා පැවසීය.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද ආරක්‍ෂාවට හමුදා නිලධාරීන් 50 ක් යොදවා ඇති බව ද එම පිරිස ද ඉදිරියේදී ඉවත් කිරීමට පියවර ගන්නා බවද ලේකම්වරයා කියා සිටියේය.
Apr 8, 2016
මහින්දගේ ආකල්පය පොලිසියට මදිපුංචිකමක්‌ලු
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News