වයසට ගොස් දුර්වලවී සිටින තම මව්පියන් කිසිදා කරදරයක් හෝ බරක් ලෙස නොසැළකිය යුතු බවත්, වියපත්වූ තම මවට හෝ පියාට සැළකීමට හැකිවීම තමන්ගේ වාසනාවක් ලෙස සැළකිය යුතු බවත්, ආන්දෝලනාත්මක දේශපාලන කථා කීමට රුසියකු වන සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා කියයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර පැවැති මව්පිය ගුණ කියාදෙන“පාරමිතා” නම් වැඩසටහනක දීය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
මව් සෙනෙහස පිය සෙනෙහස කියන එක කෙනෙකුට දරුවන්ගෙන් පෙරළා නොලැබෙනවානම් එය මහා අවාසනාවක්. හැබැයි ඒකට ප්‍රධාන හේතුවක් ලෙස මගේ දේශපාලන දිවියේ අත්දැකීම් තුල මා දකින්නේ තමුන් තමන්ගේ දෙමව්පියන්ට සළකන්නේ නැති එකයි. මම බොහොම හොඳට දැකලා තියෙනවා, සමහර මව්වරු ඇවිත් කියනවා කව්රුවත් සළකන්නේ නැහැ කියලා. මම දන්නවා එතකොට ඒ අම්ම එයාගේ අම්මට සළකල නැහැ කියලා. එයාගේ දරුවෝ දැක්කේ ඒක.
සමහර පියවරු ඇවිත් කියනවා දරුවෝ එක්කෙනෙක්වත් සළකන්නේ නැහැ කියලා .මම දන්නවා ඒ පියාට පුළුවන් කාලේ එයා කටගොන්නක් බීගෙන දරුවන් ගැන බැලුවත් නැහැ; එයාගේ මව්පියන්ට සැළකුවෙත් නැහැ කියලා.
ඒ නිසා අප අපේ ආදරණීය දරුවන්ගෙන් පෙරලා ආදරය බලාපොරොත්තු වෙනවනම්,ඒ දරුවා අපට බැරිවන කාලයට බලාගනීයි කියලා හිතනවානම්, අපේ දරුවන් ඉදිරියේ අපේ මව්පියෝ අපි හොඳට බලා ගන්න ඕන. අපේ මව්පියන්ට හොඳට සළකන්න ඕන. අපේ මව්පියෝ අපිට බරක් කරදරයක් හැටියට කවදාවත් හිතන්න හොඳ නැහැ. දෙමව්පියන් අපේ ලඟ ඉන්න එක හමාගෙන ඇවිත් තියෙන මහා වාසනාවක් විදියට හිතන්න ඕනි.
අම්මට සළකන එක,පිරිසිදු කරන එක, වැසිකිලි කැසිකිලි ගෙනියන එක කරදර ඇති, අම්මට තරහ යනව වෙන්නත් පුළුවන්, ඇවිදින්න බැරිවෙන්නත් පුළුවන්, ඒත් කරදරයක් හැටියට සළකන්න හොඳ නැහැ. තමන්ගේම එවැනි මවට සළකන්න ලැබීම මහ වාසනාවක් හැටියට හිතන්න ඕනි.අම්මට සළකන කොට අපේ දරුවෝ ඒක බලාගෙන ඉන්නවා.අපේ දරුවෝ ඒකට අපට උදව් කරනවා.ඊට පස්සේ අපේ දරුවො අපට නොසළකා හරින්නේ නැහැ.
Apr 7, 2016
ඇමති එස්.බී. “අම්මලගෙ” කථාවක් කරලා
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News