මන්ත්‍රී පුතෙක් චන්ඩිපාට් දමා පැන යයි - Neth News Blog

Apr 21, 2016

මන්ත්‍රී පුතෙක් චන්ඩිපාට් දමා පැන යයි

පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ශාන්ත සිසිර මහතාගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ (21) හලාවත මැදවත්ත ප‍්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තාවේ.

හලාවත පොලීසිය පැවසුවේ හලාවත වෙරල උද්‍යානයේ පැවති බක්මහ උළෙලකට සහභාගි වී සිටි අතරතුර මන්ත‍්‍රීවරයාගේ පුතා කිසියම් අවශ්‍යතාවක් සඳහා ජීප් රථයකින් හලාවත ඉරණවිල මාර්ගයේ ගමන්කර ඇති බවයි.
ඉදිරියෙන් ගමන් ගත් වෑන් රථයක් තම රථයට බාධාවන අයුරින් ගමන් කළේ යැයි උරණ වී මන්තී‍්‍ර පුත‍්‍රයා මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පහරකෑමට ලක් වු පුද්ගලයින් දෙදෙනා හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.