පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වී සිය ආරක්ෂක භටයන් සමඟ අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යන අවස්ථාවේත් ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය හෙබැවූයේ තමන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනපතිවරණයෙන් ජය ලැබූ පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අවස්ථාවේ සොයා ගත නොහැකි වූ බැවින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය ආරක්ෂාව ඇතුළු කරුණු තීරණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
ඔහු ඒ බව සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ආරක්ෂාව සලසා ගැනීමට සහ හෙලිකොප්ටරයෙන් ගමට යාමට පවා අවස්තාව දුන් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ සඳහන පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේය.
"ඔයා දන්නේ නෑනේ? මම හෙලිකොප්ටරෙන් යනකොට ප්‍රතිඵල ඇවිල්ලත් නෑනේ? ," හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාරය පළ කරමිනි.
'කුමන්ත්‍රණය'
"එතකොට මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රතිඵල ප්‍රසිද්ධ කරලා නෑ. එතකොට සිරිසේන අපේක්ෂකයා, එයාව සොයා ගන්න බැරිවුනා මට. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයාට කතා කරලා මම උදේ හයට පිටත් වුනේ. එතකොට මම රටේ ජනාධිපතිවරයා."
එබැවින් සිය ආරක්ෂක භටයන්ද සමඟ එදා කොළඹින් පිටත්ව යන විටත් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා තමන් බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජනපතිවරණයෙන් පරාජය වී දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට නැගෙන චෝදනාවත් ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි.
"මංගල සමරවීර මහත්තයනේ ඕක කිවුවේ? ඉතින් ඔක්කොම හමුදාපතිවරු, පොලිස්පති ඒ ඔක්කොම සාක්කි දුන්නනේ? ඉතින් ප්‍රතිඵලය කියන්න කියන්නකෝ මොකක්ද වුනේ කියල."
ජේආර් ගේ කාලයේ පටන් :
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයට ප්‍රථම පාර්ලිමේන්තුවේදී ඔහු හමු වූ අවස්ථාවේ සිය ආරක්ෂාව පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඔහු පැවසීය.
සිය ජීවිතයට එල්ල වූ තර්ජන හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් පවා නොතිබුණු අසූව දශකයේ අග භාගයේදී එවකට ජනාධිපති ජේආර් ජයවර්ධන මහතාගේ උපදෙස් ප්‍රකාර රන්ජන් විජේරත්න අමාත්‍යවරයා විසින් මුලින්ම තමන්ට හමුදා ආරක්ෂාව ලබා දුන් බව පවසන හිටපු ජනපතිවරයා, එවක් පටන් මේ දක්වා පැවති සෑම ආණ්ඩුවක්ම එය වෙනස් නොකළ බවත් සඳහන් කළේය.
හමුදා භටයන් ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළත්, ඒ වෙනුවට පොලිස් නිලධාරීන් අනුයුක්ත කරන බැවින් දිගටම හමුදා ආරක්ෂාව ඉල්ලා සිටින්නේ පොලිසිය අවිශ්වාස නිසා දැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, සිය ආරක්ෂාව පිණිස යොදවා තිබෙන්නේ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ හමුදා භටයන් බවයි.
උතුරේ ඡන්ද :
"යාපනය අර්ධද්වීපය තුල, උතුරේ 89% ක් ඡන්ද වැටිලා තියෙනවා කියල කියන කොට මම දන්නවා මම ඊලඟට පරාදයි කියල," යනුවෙන්ද කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එහි අදහස තමන්ට සුළු ජාතීන්ගේ සහාය නොලැබෙන බව දැන සිටියේ දැයි විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ එතරම් ඡන්ද ප්‍රතිශතයක් භාවිතා කෙරෙනු ඇතැයි තමන් කිසිසේත්ම විශ්වාස නොකළ බවයි.
කෙසේ නමුත් ඒ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීමෙන් ප්‍රතිඵලයක් නොමැති බව, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Apr 20, 2016
පැරදිලා යන විටත් රටේ ජනාධිපති මම - මහින්ද
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
