ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ පාදයේ ආබාධය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුව විසින් ඊයේ (26දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දුන්නේය.
එම වෛද්‍ය වාර්තාව අනුව ලසිත් මාලිංගට නැවත ශල්‍යකර්ම කිසිවක් අවශ්‍ය නොවන බවත් මාස 6කට ආසන්න කාලයක් ක්‍රිකට්වලින් ඈත්ව විවේක ගැන්විය යුතු බවත් නිර්දේශ කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි.
එමෙන්ම මාලිංග විවේක ගැන්වෙන කාලසීමාවේදී ප්‍රවේසම්විය යුතු බවත්, මාස 3කින් පසුව නැවත එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවක් සිදුකර ඔහුගේ ආබාධය සුවවීමේ ප්‍රතිශතය නිරීක්ෂණය කිරීමටද නියමිත බවත් ලේකම්වරයා අනාවරණය කළේය.
“මාලිංගව විවේක ගැන්විය යුතුයි කියා එම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම අඩුම ගාණේ මාස 6ක් වත් මාලිංගට විවේකය ලබාදිය යුතුයි කියලා. වෛද්‍ය වාර්තාවට අනුව තව මාස 3කින් එනම් ජූලි මාසෙ අන්තිම වනවිට නැවතත් එම්.ආර්.අයි ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ යුතුයි. මාලිංගගේ ආබාධ සහිත පාදයේ මස් පිඬු වර්ධනය කරගන්න පුනරුත්ථාපන ක්‍රියාවලියක් (Muscle Rehabilitation Program) සිදු කිරීමටත් නිර්දේශ කර තිබෙනවා." යැයි පවසා සිටියේය
Apr 27, 2016
මාලිංගට මාස 6ක් විවේක ගන්න කියයි
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
