මහින්ද 'පළමු වෙනිදා' වෙනම ගමනක - Neth News Blog

Apr 17, 2016

මහින්ද 'පළමු වෙනිදා' වෙනම ගමනක

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති  මැයි රැළිය සඳහා තමන්ට ආරාධනා කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය සඳහා මෙතෙක් ආරාධනා නොකළ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය සඳහා ආරාධනා කළහොත් ඊට සහභාගී වන්නේ ද යන්න මාධ්‍යවේදීන් විමසා සිටි අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය තමන් විසින් බාරගෙන අවසන් බවයි.
එම අවස්ථාව පහතින් නරඹන්න.