ලංකාවෙන් පිටව යෑමට පෙර 'මැතිව්ස්ව සතුටු කළ' ක්‍රීඩකයන් දෙදෙනා - Neth News Blog

Mar 9, 2016

ලංකාවෙන් පිටව යෑමට පෙර 'මැතිව්ස්ව සතුටු කළ' ක්‍රීඩකයන් දෙදෙනා

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(08) දිවයිනෙන් පිටත්ව ගියා.

 ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය අමතමින් ක්‍රීඩකයන් දෙදෙනෙක් යළිත් කණ්ඩායමට කැඳවීම සම්බන්ධයෙන් තමන් වඩාත් සතුටට පත්වන බව සඳහන් කළා.

 කණ්ඩායම වෙනස් කර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් වන ලහිරු තිරිමාන්න හා සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවීම ගැන තමන් සතුටු වන බවයි ඔහු එහිදී කියා සිටියේ.
 ලසිත් මාලිංග මාර්තු 15 දිනට  පසුව කණ්ඩායමට එක්වන බව ද  ඇන්ජලෝ මැතිව්ස් එහිදී සඳහන් කළා.