අබිරහස් ලෙස මියගිය රගර් ක්රීඩක වසීම් තජුඩීන්ගේ මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී, මළසිරුර ඉතා ඉක්මනින් නිදහස් කරන ලෙස, නාමල් රාජපක්ෂ මහතා ඉහළ පොලිස් නිළධාරියෙකුට බලපෑම් කර තිබෙන බව මේවනවිට අනාවරණය වී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තජුඩීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ කටයුතු භාරදීමේදී පොලීසිය විසින් ලබාදී ඇති වාර්තා වල මේ බව සඳහන්ව ඇතැයි පැවසේ.
එම වාර්තා වලට අනුව, රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙස එවකට කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර සේනානායක මහතා සෘජුවම තජුඩීන්ගේ ඝාතනයේ පරීක්ෂණ කටයුතුවලට මැදිහත් වී ඇති බවද අනාවරණය වී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
මිතුරන් ගෙන් ප්‍රබල සාක්ෂියක් !
මේ අතර, රගර් ක්රීඩක වසීම් තජුඩීන්ගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු වන ජෙයප‍්‍රකාශ් සහ තවුෆික් යන පුද්ගලයින් පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමේදී එම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, ඔවුන් දෙදෙනා නාමල් රාජපක්ෂ මහතා සමග මේ දක්වාම සමීපව ගනුදෙනු කරන බව තහවුරු වී තිබේ.
Mar 8, 2016
තජුඩීන් ඝාතනය : නාමල් පොලිසියට බලපෑම් කරලා
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News