යොෂිතට අදත් ඇප නැහැ - Neth News Blog

Mar 8, 2016

යොෂිතට අදත් ඇප නැහැ

සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 4 දෙනා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප‍්‍රතිශෝධන ඇප අයදුම කොළඹ මහාධිකරණයේදී අදත් සලකා බැලූණා.

වැඩිදුර විභාගය ලබන 14 වෙනිදාට කල් තැබීමටයි එහිදී නියෝග කෙරුණේ.

 අදාළ සැකකරුවන් පිරිස මීට පෙර කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටි අතර එය ප‍්‍රතික්ෂේප කෙරුණා.
කොළඹ මහාධිකරණය වෙත ප‍්‍රතිශෝධන ඇප අයදුම ඉදිරිපත් කෙරුණේ එම තීරණය අභියෝගයට ලක්කරමින්.

මෙම ප‍්‍රතිශෝධන ඇප අයදුමට නීතිපතිවරයා අද (08) විරෝධය පළ කළා. වැඩිදුර විභාගය ලබන 14 වෙනිදාට කල් තැබුණේ ඒ අනුවයි.