ආසියානු කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව කඩුලු පහකින් පරාජය කළ ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (01) සමත් විය.
කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා පිල සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 138ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය පිල පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩුලු පහක් පමණක් දැවී සිය ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.
විරාට් කෝලි (56) හා යුවරාජ් සිං (35) ඉන්දීය පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරතවෙමින් ඉන්දීය පිල ජයග්‍රහණය වෙත කැඳවාගෙනයාමට සමත් විය.
නුවන් කුලසේකර ලකුණු 21කට කඩුලු 2ක් බිඳහෙලමින් ඉන්දීය පිලේ ජයග්‍රහණය වැලැක්වීමේ උත්සාහයක නිරත වුවද එය යතාර්ථයක් කරගැනීමට ශ්‍රී ලංකා පිලේ ලකුණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවීය.
ඇමරිකානු ඩොලර් 5,000 තරගයේ වීරයා සම්මානය විරාට් කෝලිට හිමිවිය.
බංග්ලාදේශය දිනුවහොත් ලංකාව තරගාවලියෙන් එළියේ
පාකිස්තානය හා බංග්ලාදේශය අතර හෙට (02) පැවැත්වෙන තරගය සත්කාරක බංග්ලාදේශය ජයගතහොත් ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතය.
එම තරගය පාකිස්තානය ජයගහොත් පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනියි.
Mar 2, 2016
ලංකාව පැරදූ ඉන්දියාව අවසන් තරගයට
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News