යෝෂිතගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් - Neth News Blog

Mar 1, 2016

යෝෂිතගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

තමන් ඇතුළු පිරිස සී.එස්.එන් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා කොට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වාදී තිබේ.
එසේ වුවද තමාට එල්ලවන චෝදනා පදනම් විරහිත බැවින් එකී චෝදනාවලින් නිදහස් කරලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්,තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.