ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් කරා යන ශ්‍රී ලංකාවේ සිහිනය ප්‍රමාද වනු ඇතැයි අනාවැකි පලවනවා.
එයට හේතුව ආර්ථික වර්ධන වේගයේ අඩුවීම බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් පසුගිය සතියේ නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 2015 වර්ෂයේ දී වැඩි වී තිබෙන්නේ සියයට 1.9 කින් පමණයි.එනම් අමෙරිකානු ඩොලර් 73 කින්.
ඒ අනුව අදවන විට ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 3837 ක්.
ශ්‍රී ලංකාව ඉහල මධ්‍යම ආදායම් ලබන රටක් වීමට නම් ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4126 ක් විය යුතුයි.
මෙම ආදායම් තත්ත්වයට ලඟා වීමටනම් 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.3 ක් විය යුතුබව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබෙනවා.
නමුත් මෙම ඇස්තමේන්තුව පාදක කරගෙන තිබෙන්නේ උපකල්පන මතයි.
රටේ උද්ධමනය 2016 වර්ෂයවන විට සියයට 3 ක් හා වසර මැද ජනගහන වර්ධන වේගය සියයට දශම 94 ක මට්ටමේම තිබිය යුතු බවත් ඩොලරයේ වටිනාකම රුපියල් 135 යි ශත 90 ක් විය යුතු බවත් එම උපකල්පනවල ඇතුළත්.
මධ්‍යකාලීන උද්ධමනය සියට 3 ත් 4 අතර විය යුතු බව මේ අතර මහ බැංකුව ඉලක්ක කරනවා.
විශේෂයෙන්ම වැට් බද්ධ සඳහා පසුගිය දා කෙරුණු සංශෝධන හේතුවෙන් උද්ධමනය අපේක්ෂා කළාට වඩා වැඩිවනු ඇතැයි අනුමාන කරනවා.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.8 ක් පමණ දක්වා අඩු වීමක් සිදු වුණා.2014 වර්ෂයේ දී ආර්ථික වර්ධන වේගය වනුයේ 4.9 ක්.
කෙසේ නමුත් මෙම සියළු කරුණු සැලකිල්ලට ගනිද්දී ශ්‍රී ලංකාව කිසියම් ආර්ථික අභියෝගයක් හමුවේ සිටින බව පැහැදිළියි.
කෙසේ නමුත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරන්නේ 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වේගය සියයට 6.5 වේගයකින් වර්ධනය වනු ඇති බවයි.
ලෝක බැංකුවට අනුව ලෝකයේ රටවල් ඒවායේ ආදායම් මට්ටම සලකා බලා කාණ්ඩ හතරකට වෙන් කරනු ලබනවා.
ඒ අනුව පළමු වැන්න පහළ ආදාම් ලබන රටවල්. එයට අයිතිවනුයේ ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 1045 හෝ ඊට වඩා අඩු ආදාම් ලබන රටවල්.
දෙවැන්න පහළ මධ්‍යම ප්‍රාන්තික රටවල්.එයට අයිතිවනුයේ අමෙරිකානු ඩොලර් 1046 සිට අමෙරිකානු ඩොලර් 4125 දක්වා ඒකපුද්ගල ආදායමක් ලබන රටවල්.
තුන් වැන්න වනුයේ ඉහළ මධ්‍යම ප්‍රාන්තික රටවල්.එයට අයිතිවනුයේ අමෙරිකානු ඩොලර් 4126 සිට අමෙරිකානු ඩොලර් 12745 දක්වා වන ඒකපුද්ගල ආදායම් ලබන රටවල්.
හතරවැන්න ඉහළ ආදායම් ලබන රටවල්.එයට අයිතිවනුයේ අමෙරිකානු ඩොලර් 12746 ට වඩා වැඩි ඒක පුද්ගල ආදායමක් ලබන රටවල්.
මේ අතරින් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් යන කාණ්ඩයට අයත් වූ පසු බොහෝ රටවල් මධ්‍යම පාන්තික යන ආර්ථික අභියෝගයේ පැටළෙන බව විශ්ලේෂකයින් පවසනවා.
එයින් මිදී ඉහළ ආදායම් ලබන රටවල් ගොන්නට ඇතුළුවනුයේ රටවල් කිහිපයක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම සියළු කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස.
Mar 22, 2016
ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් කරා යන ගමන සිහිනයක් වෙයි ?
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News