චම්පිකට නීතිය ක්‍රියාත්මක කරන්න බිරිඳ බාධාවක් කරගන්න එපා - ගම්මන්පිල - Neth News Blog

Mar 21, 2016

චම්පිකට නීතිය ක්‍රියාත්මක කරන්න බිරිඳ බාධාවක් කරගන්න එපා - ගම්මන්පිල

තමාගේ බිරිඳ වරදක් කර ඇත්නම් නීතිය අකුරට ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, එය අමාත්‍ය පාඨලී චම්පික මහතාට නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් කර නොගන්නා ලෙසද ඉල්ලා සිටී.

ගම්මන්පිල මහතාගේ බිරිය වන අකුරුගොඩගේ දිනේෂා ශ්‍යාමලී දිල්රුක්ෂි මහත්මිය විසින් 2014 වසරේදී සිදු කළ රිය අනතුරකට මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැතැයි දූෂණ විරෝධී පෙරමුණ කර ඇති චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
එසේම වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, චම්පික අතින් වූ රිය අනතුර සම්බන්ධයෙන් සාක්ෂි ඇති බවත්, අනතුරට ලක්වූ බව කියන තරුණයා රෝහලේ සිටින බවද ඔහු සඳහන් කළේය.

බිරියගේ රියදුරු බලපත්‍රය වසර 20ක් පමණ පැරණි එකක් බවත්, ඇය අතින් රිය අනතුරු සිදුව ඇති බවත්, අය එම අවස්ථාවල පලාගොස් නැතැයිද එසේ රිය අනතුරට පත් අය සමඟ සාකච්ඡාකර ඒවා නීත්‍යානුකූල ලෙස විසඳාගෙන ඇති බවද මන්ත්‍රීවරයා ක්‍රියා සිටියේය.