තාජුඩීන්ගේ පරික්ෂණවලට මාස දෙකක් කල් ඉල්ලයි - Neth News Blog

Mar 23, 2016

තාජුඩීන්ගේ පරික්ෂණවලට මාස දෙකක් කල් ඉල්ලයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරික්ෂණ සඳහා දෙමාසයක් කල් දෙන්නැයි කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (23) අවසර ලබා දුන්නේ ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිසීටීවී කැමරා දර්ශන වාර්තා එතෙර යවා ඇති බවත් වෙනත් දර්ශන සොයා ගැනීමට අපහසු වූ බවත් පැමිණ සිටි නීතිඥයෝ අධිකරණයට පැවසුහ.
එම නඩුව මැයි මස 12 වැනි දා දක්වා කල් තබා තිබේ.