වර්තමානයේ පිවිතුරු හෙළ උරුමයේ නායකයා වන උදය ගම්මන්පිල මහතාගේ බිරිය වන අකුරුගොඩගේ දිනේෂා ශ්‍යාමලී දිල්රුක්ෂි මහත්මිය විසින් 2014 වසරේදී සිදු කළ රිය අනතුරකට මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැතැයි දූෂණ විරෝධී පෙරමුණ අනාවරණය කර තිබේ.
ගම්මන්පිල මහතාගේ බිරිය අදාළ අනතුර සිදුකර ඇත්තේ ඒ මහතා හෙළ උරුමය හි ප්‍රධානියකුව සිටියදීය.
එහිදී අනතුරට පත්ව ඇත්තේ යතුරු පැදියක ගමන් කළ තරුණයකු බවත් පැවසේ.
අදාළ අනතුර සිදුකර ඇත්තේ ගම්මන්පිල මහතාගේ බිරිය පදවාගෙන ගිය බව කියන KS - 4655 දරණ මොටර් රථය මගින් බව දූෂණ විරෝධී පෙරමුණ සඳහන්කර සිටී.
අනතුර සිදුවූ අවස්ථාවේදී මෝටර් රථය නොනවත්වා ධවනය කර ඇති බවත්, අසල සිටි අයකු එම මෝටර් රථයේ අංකය ලබාදීමෙන් පසුව මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වා එම මෝටර් රථයේ හිමිකරු හදුනාගෙන ඇති බව පැවසේ.
ඒ අනුව එම මෝටර් රථය බස්නාහිර පළාත් කෘෂිකර්ම ගොවිජන සංවර්ධන සුළුවාරිමාර්ග කර්මාන්ත පරිසර, සංස්කෘතික හා කලා කටයුතු ඇමතිවරයාට අයත් නිල රථය බව හඳුනාගත් බවද වාර්තා වේ.
එම අනතුර සිදුවූ අවස්ථාවේ අදාළ අමාත්‍යධූරය දැරූ උදය ගම්මන්පිල මහතා විදෙස්ගතව සිට ඇති බවද පැවසේ.
ඒ අනුව එම රිය අනතුර සිදුකර ඇත්තේ ගම්මන්පිල මහතා බිරිය බව හෙළිව ඇතැයි දූෂණ විරෝධී පෙරමුණ කියා සිටී.
එම අනතුරට ලක්වූ යතුරුපැදිකරුට සිදුවූ දෙය සම්බන්ධයෙන්ද තොරතුරක් නැතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට උදය ගම්මන්පිල මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඔහුගේ දුරකථනය විසන්ධිකර තිබිණි.
Mar 19, 2016
හෙළ උරුමයට රථ ගාය ? : 2014දීත් රිය අනතුරක්
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News