ආසියානු කුසලාන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග ඊයේ (28) පැවති තරගයෙන් ශ‍්‍රී ලංකාව පරාජයට පත්වීම පිළිබඳ හිටපු ශ‍්‍රී ලංකා නායකයන් දෙපලක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම්හි සටහනක් තබා තිබෙනවා.
කුමාර් සංගක්කාර තැබූ ට්විටර් සටහනේ දැක්වෙන්නේ අත්වැරදීම්වලින් පාඩම් උගත යුතු බවයි. මෙම අවස්ථාවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන් කණ්ඩායම දිරිමත් කළයුතු බවද එහි දැක්වෙනවා.
තමන්ට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් පවතින බවයි සංගක්කාර ප‍්‍රකාශ කර තිබෙන්නේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ඉදිරියේදී පැවැත්වෙන තරග සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතු බව මහේල ජයවර්ධන සිය ට්විටර් සටහන මගින් ප‍්‍රකාශ කර තිබෙනවා. ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ශ‍්‍රී ලංකාව පරදා ලකුණු 23 ක ජයග‍්‍රහණයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.
Feb 29, 2016
ක්රිකට් කණ්ඩායම ඊයේ ලද පරාජය ගැන සංගා-මහේල පාඩම් උගන්වයි
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News