අද රේල් පාරවල් හරහා යන්නේ ප්‍රවේශමෙන් - Neth News Blog

Mar 31, 2016

අද රේල් පාරවල් හරහා යන්නේ ප්‍රවේශමෙන්

සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක‍්‍රියාකරුවන් අද (31දා) පෙරවරුවේ සිට සිය රාජකාරීවලින් ඉවත්ව වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 700 කට ආසන්න ප‍්‍රමාණයක් පවතින අතර ඒවායේ සේවයේ නියුතු ගේට්ටු කි‍්‍රයාකරවන්නන්ගේ සංඛ්‍යාව දෙදහස් හැට එකකි.

ඔවුන්ගේ දිනක වැටුප රුපියල් දෙසීය පනහක් වන අතර, මෙම වැටුප ද නිසි පරිදි 31 වැනිදා වන විට නොගෙවන බවත් ඔවුන් පෙන්වා දෙයි.
තම වැටුප් වැඩිකර සෑම මසකම 31 වැනිදාට පෙර වැටුප් ගෙවන ලෙසත් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ග නිසා යම් අනතුරක්‌ සිදු වුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවත් අනාරක්‍ෂිත දුම්රිය ගේට්‌ටු ක්‍රියාකරුවන්ගේ සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් නිමල් චන්ද්‍රසිරි මහතා කියා සිටී.