රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය ඊයේ (31) විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
මහේස්ත්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කළේ ‘මුලාවෙන් මිදෙමු’ යන මැයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කුඹුක්ගැටේ නගරයේ දී ප්‍රසංගයක් පවත්වමින් සිටි අළුත් පරපුර කලාකරුවන් පිරිසකට පහර දුන් බවට වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතා ඇතුළු පිරිසකට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඊයේ (31) යළි කැඳ වූ අවස්ථාවේදීය.
සමනලී හා ඉන්ද්‍රචාපා එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින අතර ඔවුන් එදින පෙනී නොසිටීම නිසා මෙසේ වරෙන්තු නිකුත්කර තිබේ.
යහ පාලනේට පෙනීසිටි සමනලීලාට දැන් නීතීඥයොත් නෑ
පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික මහතා සහ එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටින තවත් තිදෙනෙකු ඊයේ දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම නඩු විභාගයේ පැමිණිල්ලේ දෙවැනි සහ පස්වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි සමනලී ෆොන්සේකා මහත්මිය සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ මහතා හෝ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.
ඊයේ දිනයේ දී නඩු විභාගය පැවැත්වෙන බවට අධිකරණය විසින් පෙර දැනුම්දීමක් කර තිබියදීත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විවෘත වරෙන්තු නිකුත් කළාය.
එම අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක් වූ නීතිඥ කීර්ති දුණුසිංහ මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණයට පැමිණීම මිගහරින්නේ නම් විත්තිකරුවන් ලෙස නම් කර සිටින පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මුදාහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නඩු විභාගය ජූලි මස 21 වැනිදා යළි කැදවීමට නියමිතය.
Apr 1, 2016
ගුටිකෑ සමනලීට හා ඉන්ද්‍රචාපාට වරෙන්තු
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News