සාධාරණ හේතුවක් නොමැතිව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ චේතනාවෙන් තමාව අත්අඩංගුවට ගැනීම තුළින් සිය කීර්තියට හා දේශපාලන දිවියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 25ක් බැගින් වන්දි ගෙවන ලෙස දන්වා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජේයෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති රවි වෛද්‍යලංකාර සහ එම කොට්ඨාසයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.සී.පී. රණසිංහ යන අය වෙත එන්තරවාසි යවා තිබේ.
නීතිඥ තුෂාර අමරසිරි මහතා මඟින් මෙම එන්තරවාසිය යොමුකර ඇත.
මෙම එන්තරවාසි පිළිබඳව කරුණු දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටින්නේ පසුගිය රජය සමයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් දැනටමත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවයි.
එසේ තිබියදී එම චෝදනාව සඳහාම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉකුත් අප්‍රේල් මස 16 වැනිදා පොදු දේපළ පනත යටතේ ද්වේෂ සහගත ආකාරයෙන් තමාව අත්අඩංගුවට ගත් බව අලුත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.
මෙම චෝදනාව පොදු දේපළ පනතට අයත් නොවන බවට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරිය තීන්දු කර තිබියදී එම පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කළේ තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ චේතනාවෙන් යැයිද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සඳහන් කළේය.
මෙම ද්වේෂ සහගත ක්‍රියාකලාපය හේතුවෙන් තමාගේ කීර්තියට හා දේශපාලන දිවියට සිදුවූ හානිය වෙනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර සහ තමාව අත්අඩංගුවට ගත් එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.සී.පී. රණසිංහ යන අය විසින් රුපියල් මිලියන 25ක් බැගින් වන්දි ගෙවිය යුතු බව දන්වා මෙම එන්තරවාසි යොමු කළ බවද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත ගෙවීමට කටයුතු නොකරන්නේ නම් පොලිස් ආඥාපනත යටතේ ඉදිරි නීතිමය පියවර ගැනෙනු ඇතැයිද එම එන්තරවාසි තුළින් අනතුරු අඟවා තිබේ.
- මව්බිම
Jul 1, 2018
FCID ලොක්කන්ගෙන් මහින්දානන්ද කෝටි 5ක් වන්දි ඉල්ලයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
