‘චීනය ලංකාවෙන් වරායක් ලබාගත් හැටි ‘මැයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් ලිපියක් පළකර තිබීම සම්බන්ධව නිව්යෝක් ටයිම්ස් පුවත්පතට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත්වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු උපයෝගී
කරගෙන ඇමෙරිකාවේ ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත චීනය වරායක් මිලදී ගත් හැටි යන ලිපිය සකස් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසා තිබෙන බවත්, ඒ ආකාරයට රාජ්‍ය රහස් විදේශයකට ගොස් තිබේනම් එය ආරක්ෂාව අතින් බරපතළ තත්ත්වයක් බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවලට ලබානොදී ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් ටයිම්ස්‘ පුවත්පතට ලබාදී තිබේනම් ඒ සම්බන්ධව රජය වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත් හෙතෙම කියා සිටී.
Jul 1, 2018
නිවියෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නඩු දානවා
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
