තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇති බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටි තමන්ට එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලබාදුන් පිළිතුර අනුව එම වාර්තාව සමඟ නිකුත් කර ඇති ඇමුණුම් පහෙන් තුන්වන ඇමුණුම අතුරුදහන් වී ඇත්දැයි යන සැකයක් මතුවූ වූ
බවත් මේ පිළිබඳ ජනාධිපති ලේකම්වරයා හෝ කොමිසමේ ලේකම්වරයා රට හමුවේ වහා පැහැදිලි කිරීමක් කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණ එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය හමුවී ඉහත වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටි අවස්ථාවේදී මා හට අපූරු පිළිතුරු කිහිපයක් ජාතික ලේඛනාගාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් ලබා දුන්නා. පළමු එක තමයි ඉහත වාර්තාව සමග ඇමුණුම් 01, 02, 04 හා 05 යන ලේඛන ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයෙන් ලැබුණොත් නිකුත් කළ හැකියි කියා. එවිට මෙම වාර්තාව සමග නිකුත් කළ ඇමුණුම 03 ලේඛනයට මොකද වුණේ, කියා මම විමසුවා. එවිට ඇය පැවසුවේ එය තමන් වෙත භාරදී නොමැති බවයි. ජාතික ලේඛනාරක්ෂක පනතෙහි 11 වගන්තිය අනුව ජනාධිපති කොමිසම් පනත යටතේ පත්කළ කොමිසමක අවසන් වාර්තාව නිකුත් කොට මාස තුනක් ඇතුලත ඊට අදාළ සියලුම ලේඛන ජාතික ලේඛනාගාරයෙහි තැන්පත් කළ යුතුයි. නමුත් මේ බැඳුම්කර කොමිසමේ ඇමුණුම 03 ලේඛනයට මොකද වුණේ? ඒක අතුරුදහන් කරලා ද? මේ පිළිබඳව වහාම ජනාධිපති ලේකම්වරයා හෝ කොමිසමේ ලේකම්වරයා කටයුතු කළ යුතුයි.
ඒ වගේම ඇය ලබාදුන් තවත් පිළිතුරකින් හෙළි වූවා, ඇමුණුම 02 ලේඛනයේ සහතික කළ පිටපතක් පමණක් තමන්ට ලබා දී ඇති බව. එහිදී මා විමසුවා, මුල් ලේඛනයට මොකද වුණේ, කියා. එහිදී ඇය පැවසුවේ මුල් ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන බවයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ වැදගත්ම ලේඛනය එයයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු මැති ඇමතිවරුන්ගේ තොරතුරු ඇත්තේ එහියි. එය ජාතික ලේඛනාගාරයේ තැන්පත් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබීමෙන් සිදුවන අගතිය කියා නිම කළ නොහැකියි. මොකද නඩු කටයුත්තකදී ඉල්ලා සිටින්නේද ජාතික ලේඛනාගාරයෙහි තිබෙන රාජ්‍ය ලේඛනයෙහි සහතික කරන ලද පිටපතක්. දැන් මුල් පිටපත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. එහි පිටු අඩු වුනොත් මොකද වෙන්නේ? මේක සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණකාරී කටයුත්තක්. මේ පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගේ අවධානය යොමු කරවනවා. කෙසේ වෙතත් බැඳුම්කර වාර්තාවට අදාල සියලුම ලේඛන මහජන පරිශීලනය සඳහා නිකුත් කරන ලෙස ජාතික ලේඛනාගාරයෙහි අධ්‍යක්ෂ ජනරාල්වරියට ජනාධිපති ලේකම් ලේකම්වරයා නියෝගයක් ලබා දුන්නොත් මේ වසන් කිරීමට වලිකන සියල්ල හෙළි වේවි. අද මේ අනාවරණය වූ ඉතා වැදගත් කරුණු ඔබ රට හමුවේ තබයි කියා අපි බලාපොරොත්තු වෙනවා.”
මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙර පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු පිරිස්ක් ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
Jul 2, 2018
බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ තුන්වන ඇමුණුම අතුරුදහන්..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
