රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පසුගියදා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් යුද හමුදාව ප්‍රතිචාර දක්වනවා.
ඒ අනුව එම ප්‍රකාශය හෙළා දකින බවයි යුද හමුදාව ද පවසන්නේ.
යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක නෙත් නිවුස් වෙත
කියා සිටියේ මෙම ප‍්‍රකාශය කිසිසේ්ත් අනුමත කළ නොහැකි බවයි.
මෙම ප‍්‍රකාශය රජයේ සංහිඳියා වැඩපිළිවෙලට ද බාධාවක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
එල්. ටී. ටී. ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් සිදු කළ එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සමාජයේ දැඩි කතාබහක් මතු කළා.
මේ අතර විජයකලා මහේෂ්වරන්ගේ අමාත්‍ය ධුරය අහිමි කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව රණවිරු සංගම් පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔවුන් අවධාරණය කළේ ඉකුත්දා කරන ලද ප‍්‍රකාශය අනුව ඇය අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළ යුතු බවයි. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මේ බව සඳහන් කළා.
රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ සභාපති, ආබාධිත සෙබල කෝප‍්‍රල් යු. ඞී. වසන්ත ද නෙත් නිවුස් වෙත මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. ඔහු පැවසුවේ විජයකලා මහේෂ්වරන් මෙන්ම ආණ්ඩුවේ තවත් නියෝජිතයින් ද රණවිරුවන් කම්පාවට පත් කරන සුළු කණගාටුදායක ප‍්‍රකාශ ඉකුත් සමයේ සිදු කළ බවයි.
Jul 5, 2018
විජයකලාගේ ප්‍රකාශයට යුද හමුදාවෙන් ප්‍රතිචාර
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
