විජයකලාගෙන් ප්‍රකාශයෙන් යාපනය කැළඹෙයි - ආවා කල්ලිය හිස ඔසවද්දී පොලීසියේ නිවාඩුත් අවලංගු වෙයි වෙයි - Neth News Blog

Jul 3, 2018

විජයකලාගෙන් ප්‍රකාශයෙන් යාපනය කැළඹෙයි - ආවා කල්ලිය හිස ඔසවද්දී පොලීසියේ නිවාඩුත් අවලංගු වෙයි වෙයි

LTTE සංවිධානය නැවත ක්‍රියාකාරී විය යුතු බව විජයකලා මහේෂ්වරන්  අමාත්‍යවරිය යාපනය ප්‍රදේශයේදී  පසුගියදා කල ප්‍රකාශයෙන් පසුව එම ප්‍රදේශයේ යම් කැළඹිලි සහිත ස්භාවයක් ඇතිව තිබෙන බව වාර්තාවෙයි.

ඒ අනුව අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි ලබන 17 වැනිදා  දක්වා 
යාපනය කොට්ඨාශයේ සියලු නිලතලවල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

ආවා කල්ලියේ බලපෑම් වැඩිවෙනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම පියවර ගෙන ඇති බවත් ආවා කල්ලිය මර්ධනය කිරීම වෙනුවෙන් එම කාලය තුළ ක්‍රියාත්මක වීම හේතුවෙනුත් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි.