ශ්‍රී ලංකා ක්‍රිකට් හි මහා සභා රැස්වීම කැඳවීමේ ක්‍රමවේදය නිසි පරිදි සැප්තැම්බර් 03 දා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් අභියාචනාධිකරණය විසින් ක්‍රීඩා අමාත්‍යංශයට නියෝග කර තිබේ.
අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය සිදු කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයට හා එහි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව අද (04) විභාගයට ගත් අවස්ථාවේදීය.
කෙසේවෙතත්, මෙම ක්‍රමවේදයට රණතුංග පාර්ශවය විසින් විරෝධය දැක්වුවහොත් නඩුවිභාගය තවදුරටත් කල්යාමේ ලකුණු ඇති බවත් එසේ වුවහොත් ඒ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයද 2019 දක්වා කල්යාමට හැකි බවත් වාර්තා වේ.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මාස හයක් ඇතුළත පැවැත්වීමට කටයුතු නොකළහොත්, ශ්‍රී ලංකාවට හිමිව ඇති පූර්ණ සාමාජිකයත්ව සලකා බලන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ සතිය මුලදී අනතුරු අඟවා තිබුණි.
පවතින තත්ත්වය යටතේ වඩාත් සුදුසුම ක්‍රමවේදය නම් අතුරු කමිටුවක් පත්කිරීම බව විශ්ලේෂකයන් පවසයි.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ යහපාලනය හා නීතිය ස්ථාපනය කරන මෙන් එහි හිටපු පරිපාලකයන් පිරිසක් විසින් ක්‍රීඩා ආමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ජයන්ත ධර්මදාස, සිදත් වෙත්තමුණි, රියන්සි විජේතිලක, උපාලි ධර්මදාස, හේමක අමරසූරිය, ආනා පුංචිහේවා, අර්ජුන රණතුංග හා විජය මලලසේකර විසිනි.
Jul 4, 2018
නිශාන්තගේ නඩුව එක්ක ක්‍රිකට් නිලවරණයත් කල් යන ලකුණු?
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
