මහ බැංකු බැදුම්කර ගණුදෙණුව පිළිබඳ විමර්ශන සිදුකල ජනාධිපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධියට පත් කර ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීනා රූපසිංහ මහත්මිය පැවසුවේ අදාල ලේඛනය ඕනෑම පුද්ගලයෙකුට අද(04) දිනයේ සිට
ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවයි.
සී 350 ලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශව රැසකින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගැනීමට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පියවර ගත්තේය.
එම ලේඛනය නිකුත් කිරීමෙන් පරික්ෂණ කටයුතුවලට බාධා සිදු නොවන බවට නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත එම ලේඛනය ප්‍රසිද්ධ කිරීමට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ අතර අදාළ වාර්තාව නිකුත් කරන ලෙස ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් සිදුකල ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්‍ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, මාස 7 කට පසුව බැදුම්කර වාර්තාවේ කෝප් කමිටු සාමාජිකයින්ගේ සහ හිටපු මුදල් අමාත්‍යවරයාගේ දුරකතන දත්ත වාර්තාව ඇතුළත් ‘සී 350‘ප්‍රසිද්ධියට පත් කොට ඇතැයි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද තමා වෙත දැනුම් දුන් බවයි.
බැඳුම්කර වාර්තාවේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සමාජිකයින්ගේ සහ මුදල් අමාත්‍යවරයාගේ දුරකතන වාර්තාව ඇතුලත් සී 350 ලේඛනය ලබාගැනීමට උනන්දුවක් දක්වන අයට එය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් මුදල් ගෙවා ලබා ගත හැකි බවයි.
කෙසේ වෙතත් තමන් ඉල්ලා සිටියේ සම්පූර්ණ බැඳුම්කර වාර්තාව මිසක් පිටු 127 ක් වු සී 350 ලේඛනය පමණක් නොවන බවත් සම්පූර්ණ බැදුම්කර වාර්තාව ලබා ගැනීමට ඉදිරියටත් කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Jul 4, 2018
ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධ කෙරෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
