රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් මහත්මිය අග්‍රාමාත්‍යවරයා හමුවීමට යාපනයේ සිට කොළඹට පැමිණ ඇති බව වාර්තාවේ.
ඒ අනුව අද (04) පස්වරු 6.30ට අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවීමට නියමිතය.
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැඟිය යුතු බවට රාජ්‍ය උත්සවයකදී
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ද වාද විවාද ඇති වූ අතර සභාවාරය ද අද දිනය දක්වා කල් තැබුණි.
ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ඇය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
ඒ අනුව ඊයේ පස්වරුව වන විට කතානායක කරූ ජයසූරිය මහතා විජයකලා රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇත්දැයි සොයා බලන ලෙස නීතිපතිවරයාට දැනුම් දී තිබුණි.
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණෙන බවද සිය පක්ෂය වෙත දැනුම් දී තිබේ.
Jul 4, 2018
රනිල් හමුවට විජයකලා පැමිණෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
