දකුණේ පාතාලය යළි හිස ඔසවයි! පාපැදි ශූරයෙකුට මහ දවල් වෙඩි තැබූ හැටි (video) - Neth News Blog

Jun 25, 2018

දකුණේ පාතාලය යළි හිස ඔසවයි! පාපැදි ශූරයෙකුට මහ දවල් වෙඩි තැබූ හැටි (video)

ගාල්ල - කොළඹ මාර්ගයේ හික්කඩුව, වෑවල හංදිය ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා පාපැදියකින් ගමන් කල පුද්ගලයෙකුට වෙඩිතබා තිබුණා. වෙඩි වැදීමෙන් අනතුරුව ඔහු ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මෙලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක් වු ඉනාසි චමින්ද
නැමති අයෙතු බවට අනාවරණය කරගෙන ඇති අතර ඔහු පාපැදි තරඟ සඳහා සහභාගී වන පාපැදි ශූරයෙකු වනවා.

මියගිය පුද්ගලයා දකුණේ ප්‍රභල පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරනවා. එසේම ඔහු චෝදනා 5ක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින අයෙකු බව ද පොලිසිය පවසනවා.