ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද (25) හෝ හෙට (26) අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත ශ්‍රී ලංකා පිල දිනෙන් දිනම ප්‍රශ්නවලට මැදිවීමත් ඒ සඳහා දැනට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කර ඇති එම අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සැදුම්ලත් නිසි බලධාරියා ප්‍රමුඛ කණ්ඩායමට ගැටලු විසඳා ගැනීමට
නොහැකිවීමත් නිසා මේ තීන්දුව ගෙන ඇතැයි පැවසේ.
නව අතුරු කමිටුවට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප පොළක් හා පරිපාලක ක්ෂේත්‍රයේ ප්‍රබල චරිත කිහිපයක් එක් කිරීමට සැලැසුම් කර ඇති බව ද පැවසේ.
පසුගිය දිනවල ක්‍රිකට් ආයතනයේ බිඳ වැටීම් සම්බන්ධයෙන් ක්‍රීඩා මාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද විමසා ඇති බව මේ අතර වාර්තා වේ.
Jun 24, 2018
අද හෝ හෙට ක්‍රිකට්වලට අතුරු කමිටුවක් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
