ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට තවදුරටත් කටයුතු කිරීමට ගැටලු මතුව ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ ඔහු අපරාධයකට සම්බන්ධ චූදිතයකුට රැකවරණය ලබාදීම, ඔහුට රහසිගතව රටින් පිටවයාමට සහයෝගය ලබාදීම, අපරාධයක සාක්ෂි
වසන් කිරීම ඇතුළු චෝදනා එල්ලවී තිබීම නිසාය.
කෙසේවුද, රවීන්ද්‍ර මහතා මීට පෙර පවසා තිබුණේ අදාළ වැරදි සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ලවුවහොත් සිය තනතුරෙන් ඉල්ලා අස්වී, එම පරීක්ෂණවලට සහයෝගය ලබාදෙන බවයි.
මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංක 9527/18 යටතේ බී වාර්තාවක් මගින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබියදී ඔහු තවමත් අදාළ ධූරයේ කටයුතු කරමින් සිටී.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් ජනපතිවරයා, අගමැතිවරයා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයා ද දැනුවත්කර ඇති බවද මේ අතර වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇති බවද මේ අතර වාර්තාවන අතර ඔහු අදාළ ධූරයේ කටයුතු කිරීම ඊට බාධාවක් ඇතැයි ද පැවසේ.
ඒ මහතා නාවික හමුදා පතිවරයාව සිටියදී නේවි සම්පත් නැමැත්තෙකුට මෙසේ සහය දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇති අතර ඒ සඳහා සාක්ෂිද ලැබී ඇති බව වාර්තා වේ.
Jun 25, 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ?
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
