පුද්ගලයින් 10 දෙනෙකුට පහර දී තුවාල සිදුකළ දුර්ලභ ගණයේ දිවියෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පහර දී මරා දැමුනු පුවතක් කිලිනොච්චිය අම්බාල්නගර් ප්‍රදේශයෙන් වාර්තාවෙයි
පසුගිය දින කිහිපයේදීම මෙම දිවියා ගම්වැදී ප්‍රදේශවාසීන්ට පහරදි ඇති අතර,ඔවුන් කිහිප වතාවක්ම වනජිවි නිළධාරීන්ට දැනුම් දී ඇත.වනජිවි නිළධාරීන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව දිවියා අල්ලා
ගැනීමට මෙහෙයුමක් සිදුකොට ඇතත් එහිදි දිවියා අල්ලා ගැනීමට නොහැකි වි තිබේ
දිවියා ඊයේ (21) උදැසන අම්බාල්කුලම විවේනන්ද විද්‍යාලය පසුපස කැළෑ ප්‍රදේශයේදී ගවයින් රැක බලා ගන්නා පුද්ගලයෙකුට පහරදි ඇති අතර,එහිදි ගම්වාසීන් වනජිවි නිළධාරීන්ට සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කොට තිබිණ.
වනජිවි නිළධාරීන් දිවියා අල්ලා ගැනීමට උදැසන 11 ට පමණ පැමිණ තිබුණත්, ප්‍රමාද වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ඔවුන්ට චෝදනා කොට ඇති අතර වනජිවි නිළධාරීන්ද එහිදි අපහසුතාවයට පත්ව නැවත පිටත්ව ගොස් තිබේ.
වනජිවි නිළධාරීන් පිටත්වීමෙන් අනතුරුව ගම්වාසීන් දිවියා අල්ලා ගැනීමට පිටත්ව ගොස් ඇති අතර,අදාළ අවස්ථාවේදී දිවියා කැළැවේ පදුරකින් එළියට පැමිණ පුද්ගලයෙකුට පහරදීමට උත්සහ දැරු බවත් එහිදි ගම්වාසීන් විසින් පොලු මුගුරුවලින් පහරදී දිවියා මරා දැමු බවද කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශවාසීන් පැවසූහ.
ප්‍රදේශවාසීන් පැවසූවේ දිවියා ගම්වැදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ගම්වැදුන දිවියා ගම්මානය හරහා ගමන් කරමින් පිරිසට පහරදීම සිදුකොට ඇති බවයි.
දිවියා මරා දැමීමෙන් අනතුරු ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සතුට සමරන ආකාරය දැක්වෙන වීඩියොවක්ද අපට ලැබී තිබේ.එය පහතින් නරඹන්න.
Jun 21, 2018
Home
slide
මිනිසුනේ තිරිසන් විය හැකිද මෙතරම්..? - දුර්ලභ ගණයේ දිවියෙකු මරා දමමින් කිලිනොච්චියේදී කළ අහස පොළව නුහුලන අපරාධය (VIDEO)
මිනිසුනේ තිරිසන් විය හැකිද මෙතරම්..? - දුර්ලභ ගණයේ දිවියෙකු මරා දමමින් කිලිනොච්චියේදී කළ අහස පොළව නුහුලන අපරාධය (VIDEO)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
