අධිකරණ ඇමැතිනිය කෝට්ටේ සංඝ සභාවට ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.
කෝට්ටේ අනුනාහිමියන්ට යවා ඇති පිළිතුරේ සඳහන් පරිදි ඇමැතිනිය බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරන බෞද්ධ ප්‍රතිපත්ති තුළ ජීවත්වන හොඳ උපාසිකාවක් බව හඟවා තිබෙනවා. ඒ ඇමැතිනි උපාසිකාව තමන්ගේ විශ්වාසය අනුව කෝට්ටේ
අනුනාහිමියන්ට ධර්ම විනිශ්චයක් ලබාදී ඇතැයිද විපස්සි හිමියෝ පවසති.
ඇමැතිනිය පිළිතුරුදී ඇත්තේ අහපු ප්‍රශ්නයට නොවේ. එය ගැමි වහරේ එන යන්නේ කොහේද මල්ලේ පොල් වර්ගයේ පිළිතුරක්. එය බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ අම්බංපුට්ඨෝ ලබුප්ං ව්‍යාකරෙය්‍ය වශයෙන්. ඒ කියන්නේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන කිව්වා වාගෙයි.
පාරාජිකා ගැන හෝ විනය ගැන විනිශ්චයක් ඇමැතිනියගෙන් අවශ්‍ය නැහැ. එය මහ සංඝරත්නය හොඳාකාරවම දන්නවා. බෞද්ධ භික්ෂුන් වහන්සේගේ හෝ විහාරස්ථාන දේපොළ පිළිබඳව හෝ ගැටලුවලදී නීති සම්පාදනය කිරීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ වගන්තියේ 105 ව්‍යවස්ථාවේ හොඳාකාරවම දක්වලා තිබෙනවා. කෝට්ටේ සංඝ සභාව අමැතිනියට දැන්වූයේ ඒ අනුව ක්‍රියා කරන්න කියලයි. නමුත් ඊට නිසි පිළිතුරක් දෙනවා වෙනුවට ඇමැතිනිය විනය නීති ගැන සංඝ සභාවට පාඩමක් උගන්වන්න ගිහින් තියෙනවා.
පාරාජිකා හා සිවුරු හැරවීම ගැන ඇමැතිනිය තමන්ගේ විශ්වාසය අනුව කියා පිළිතුරු සටහන් කර තිබෙනවා. ඇමැතිනියගේ ඒ විශ්වාසය අනුව ධර්ම විනිශ්චයක් මෙයට අදාළ නැහැ. ඇය කළ යුත්තේ 105 ව්‍යවස්ථාව අනුව ක්‍රියාකිරීමයි.
බුදුදහමට ප්‍රමුඛ තැන ලැබුණේ අද ඊයේ නොවේ. මිහිඳු මාහිමියන් වැඩම කළදා සිට එය රාජ නීතියක් බවට පත් වුණා. එය නීතිගත කළේ දේවානම්පියතිස්ස රජතුමායි. රටේ පත්වන නායකයන් ඒ සමාජ නීතිය සුරක්ෂිත කළා. ඒ නීතිය තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාවේත් දක්වා තිබෙන්නේ. මෙය වටහා නොගැනීම කණගාටුවක්.
මේ රටේ ප්‍රබුද්ධ ධර්ම විනයධර මහ තෙරවරුන්ට ධර්ම විනිශ්චය උගන්වන්න පෙර නීතිය හා රීතිය ගැන අවබෝධ කර ගැනීම වටින්නේ යැයිද හෑගොඩ විපස්සි හිමියෝ වැඩිදුරටත් පවසති.
ධර්ම ශ්‍රී තිලකවර්ධන
Jun 21, 2018
අධිකරණ ඇමැතිනිය අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
