පිටිය මැද කුසල්ට අනපේක්ෂිත අනතුරක් - වහාම රෝහල් ගත කෙරේ (VIDEO) - Neth News Blog

Jun 25, 2018

පිටිය මැද කුසල්ට අනපේක්ෂිත අනතුරක් - වහාම රෝහල් ගත කෙරේ (VIDEO)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (26) අලුයම ඇතිවූ හදිසි අනතුරක් හේතුවෙන් ශ්‍රී ලංකා
කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා අබාධයකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ 2 වන ඉණිමේදී දිල්රුවන් පෙරේරා ගේ පන්දුවකට Shannon Gabriel විසින් ලෝන්ග් ඔන් කලාපයට ඉහලින් එල්ල කළ පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට උත්සහ කිරීමේදී කුසල් ජනිත් පෙරේරා ඒ අසල සවිකර තිබු දැන්වීම් පුවරුවක් මතට ඇද වැටීමෙන් මෙම හදිසි අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ඇද වැටුනු කුසල් පෙරේරාව ගිලන් රථයක් මගින් රෝහල කරා රැගෙන ගොස් තිබෙනවා.