පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාතර අකුරැස්ස ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මාකාදුරේ මදුෂ් නම් සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන පෙලේ ගෝලයෙක් වන " තිලක්" නැමැත්තා මියගොස් තිබෙනවා.
කඹුරුපිටිය ප්‍රදේශයේ අවිගත් කණ්ඩායමක් සැරිසරන බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳව කරුණු අනවාරණය කර ගැනීමෙන්
අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා සිට ඇති අතර එහිදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් නතර කිරිම සඳහා දුන් අණ නොතකා පළා ගොස් තිබෙනවා.
පළා යමින් සිටි ත්‍රිරෝද රථය පසුපස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් හඹා ගොස් ඇති අතර එහිදී ත්‍රිරෝද රථය ඒ ආසන්නයේ පිහිටි කැලැ බඳ ප්‍රදේශයක නතර කර එහි සිටි පිරිස හා පොලිස් කාර්ය බලකායේ නිලධාරින් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එල්ල කල ප්‍රති ප්‍රහාර වලින් වෙඩි වැදී සිටි පුද්ගලයෙක් ටි56 ගිනි අවියක් සමග හමුවී ඇති අතර ඔහුව රෝහල් ගත කිරීමේදී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මානෙල් රෝහණ නොහොත් " තිලක්" නම් පුද්ගලයෙක් වන අතර ඔහු මාකදුරේ මදුෂ් නම් පාතාල නායකයාගේ ප්‍රබල ආධාරකරුවෙක් බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
Jun 25, 2018
කොළඹ පාතාලයේ මිලේච්ඡයා "මාකඳුරේ මධුෂ්" ගේ දකුණේ ප්‍රධාන ගෝලයා STF වෙඩි පහරින් එළොව යයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
