බැදුම්කර වංචාව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන සේවකයින් 15,000 කගේ විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) රුපියල් මිලියන ගණනක් ගිල දමා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.
රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී තෙන්නකෝන් මහතා
අනාවරණය කළේ මෙයට පෙර සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා රක්ෂණ භාරයට බැදුම්කර වංචාව හේතුවෙන් සිදුව ඇති මුල්‍ය පාඩුව මෙයට පෙර අනාවරණය වී තිබූ නමුත් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් හා කාර්ය මණ්ඩලයන්ගේ විශ්‍රාම දිවිය සරු කිරීම සදහා ස්ථාපනය කර ඇති ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල‘ ද බැදුම්කර වංචාවට බිලිවී ඇති බව හෙළිවන්නේ මුල්ම වතාවට බවය.
බැදුම්කර වංචාවේ දී පර්පචුවල් සමාගම රු. 112 බැගින් මිල දී ගත් බැදුම්කර විනාඩි කිහිපයක් තුල රු. 121 ට විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලට අලෙවි කොට ඇත. විනාඩි කිහිපයක් තුල පර්පචුවල් සමාගම එක් බැදුම්කරයකින් ඒ අනුව රු. 9 ක ලාභයක් ලබා ඇත. කෙසේ නමුත්, එම මොහොතේම පුද්ගලික බැංකුවක් වන ඩොයිෂ් බැංකුව පර්පචුවල් සමාගමෙන් එම බැදුම්කරයම මිලදී ගෙන ඇත්තේ රු. 113 ට ය. ඒ අනුව, මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ සේවය කරන 9000 කට වැඩි පිරිසකගේ විශ්‍රාම අරමුදල ද බැදුම්කර වංචාව නිසා සිදුවන අවම පාඩුම රු. මිලියන 140 ක් විය හැකිය.
බැදුම්කර වංචාව හේතුවෙන් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට අහිමි වූ මුදල් පියවා ගැනීම සදහා සිය ප්‍රතිලාභීන් වෙත ලබාදෙන පොලී අනුපාතය කපා හැරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කර ඇත. ඒ අනුව, 2014 දී 15.0% ක් වු පොලිය 2015 දී 11.0%, දක්වා ද, 2016 දී 11.3% දක්වා ද, 2017 දී 10.5% පහත වැටී ඇත. වසර 20 කට වැඩි සේවා කාලයක් සහිත විශ්වවිද්‍යාල සේවකයෙකුට විශ්‍රාම අරමුදලේ රු. ලක්ෂ 50 ක ශේෂයක් තිබුණි නම් ඔහුට බැදුම්කර නිසා සිදුවන අවම පාඩුව රු. ලක්ෂ 7 ක් ඉක්මවනු ඇත. පොලී අනුපාතික තවදුරටත් පහත වැටේ නම් එම පාඩුව තවත් ඉහළ යනු ඇත.
අදාළ ගණුදෙනුව සිදුවී ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවෙන් සිදු කර ඇත්තේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගිනි. නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව මෙම ගණුදෙණුව ඇත.
සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා රක්ෂණ භාරය හරහා වංචා කොට ඇති බවට මේ වන විට තහවුරු කර ගෙන ඇති මුදල රු. බිලියන 8.7 කි. මෙම මුදල් අය කර ගැනීම සදහා මේ වන විටත් නඩු පවරා ඇති නමුත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තම පාඩුව අය කර ගැනීම සදහා නඩු පැවරීම සිදු කර නැත.
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය, අනධ්‍යන සේවක සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු කිසිදු සංවිධානයක් මේ පිළිබද අවධානය යොමු කර නොතිබීම පුදුමයක් බව ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ තෙන්නකෝන් මහතා පැවසීය.
මාධ්‍ය ඒකකය
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
Jun 20, 2018
බැදුම්කර මගඩිය ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ’ (UPF) මිලියන 880 ක් කොල්ල කාලා..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
