ජනතා බදු මුදල් යෙදවෙන්නේ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම, මාසයකට ඇමති මණ්ඩල නඩත්තුවට පමණක් කෝටි 50ක් වැය කිරීම, ‘සබීතා බිල්ඩිමට’ නිකරුණේ කුලිය ගෙවීම වැනි අනුවණ – තකතිරු වැඩවලට නම් ජනතාව බදු කිරීමෙන් වැළකිය යුතු බව ජාතික නිදහස්
පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
බොරැල්ලේ පිහිටි එන්. එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙසේ පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.
“ ජනතාව කෑමට ගත යුතු ආහාර බෝග වර්ග නිර්දේශ කරන මට්ටමට මේ ආණ්ඩුවේ ඇමතිවරුන් පත් වී තිබෙනවා. පසුගියදා කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ඒ වැඬේ කරනවා අපි දුටුවා. වට්ටක්කා කන්න, අරවා – මේවා කන්න කියන මේ අය ඉදිරියේ දී ජනතාවට ‘තණකොළත් කන්න’ කියාවි. ජනතාවට එහෙම කියන මේ ආණ්ඩුව, ලෝකයේ ප්‍රථම වතාවට තම රාජ්‍යයට එරෙහිව යුද වැදී මියගිය ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන රට බවට ශ්‍රී ලංකාව පත් කරන්න තීන්දුවක් අරගෙන තිබෙනවා. මෙහෙම තීන්දුවක් ගන්න පුළුවන් මොලේ අමාරුවක් තිබෙන ආණ්ඩුවකට පමණයි.
මේකෙන් සහජීවනය දිරි ගැන්වෙනවා ද ? නැහැ. මේකෙන් දෙමළ දරුවන්ට පණිවිඩයක් දෙනවා, ‘දෙමළ දරුවනි, නුඹලා අනාගතයේදී ද අවශ්‍යතාව ඇති විටෙක ආයුධ අතට ගෙන සිංහල, දෙමළ නායකයන් ඇතුළු ජනතාව කපා කොටා මරා දමා සටන් කරනු මැනවි. එවැන්නක් දිරි ගැන්වීම සඳහා මෙම වන්දි මුදල් අපි ප්‍රදානය කරන්නේමු’ කියලා. කොටි ත්‍රස්තවාදීන් හා සම්බන්ධ නොවුණු දෙමළ තරුණයන්ට අද හිතෙන්නේ කුමක්ද? ‘අනේ මමත් සටන් කළා නම් මැරිලා ගියත් වන්දි මුදලක් ලැබෙනවානේ’ කියලා නොවෙයිද? මේකෙන් උතුරේ තරුණයන්ට දෙන පණිවිඩය තමයි ‘අවි ආයුධ අරන් ත්‍රස්ත දේශපාලනය කරපල්ලා’ කියන එක.
‘ ජනතාවගේ බදු මුදල් ’
මියගිය කොටි ත්‍රස්තවාදීන්ට වන්දි දෙන්නේ රනිල් හාමු මහත්තයාගේ, ජනාධිපති සිරිසේනගේ බූදලයෙන් ද? නැහැ. මේ වන්දි ගෙවන්නේ ජනතාවගෙන් සූරාගෙන කන බදු මුදල්වලින්. තවමත්, සාමසර කන්දේ නාය යාමෙන් විපතට පත් වූ ජනතාවට ගෙවල් හදා දීලා නැහැ. සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවා නැහැ. මීතොටමුල්ල කුණු කන්ද පිපිරීමෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවා නැහැ. මේක ස්වාභාවික ආපදාවකට ලක්වූ අයෙකුට උපරිම රුපියල් ලක්ෂයක් දීලා ෂේප් වෙන ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් තමයි අද දළදා මාලිගාවට බෝම්බ ගහපු, ජය ශ්‍රී මහ බෝ සමිඳුන් ලෙයින් නැහැවූ, අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු කරපු, ආර් පේමදාස, ගාමිණී දිසානායක වැනි දේශපාලනඥයන් මරා දමපු, මහ බැංකුවට බෝම්බ ගහපු ත්‍රස්තවාදී පිරිසකට මේ විදිහට වන්දි ලබාදීමට තීරණය කර ඇත්තේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයෝ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයෝ, දෙමළ ඊළමක් හදන්න සටන් වැදුණු මේ අයට ඔයාලා වන්දි ගෙවනවා නම් ඔයාලත් ඒ බෙදුම්වාදී ත්‍රස්ත අරමුණු වෙනුවෙන් පෙනී සිටින දෙදෙනෙක් විදිහටයි මේ රටේ ජනතාවට පිළිගැනීමට වෙන්නේ.
ගොවි ජනතාවට, ව්‍යාපාරික ප්‍රජාවට කිසි සහනයක් නොදෙන මේ ආණ්ඩුව තමන් බලයට ගෙන ඒමට උදව් කළ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමටයි මේ වන්දි ගෙවීම සිදු කරන්නේ. එක්කෝ මේ ආණ්ඩුවේ මොලේ නරක් වෙලා නැතිනම් මේ ආණ්ඩුවට කොටි ආවේශ වෙලා. අද මේ ආණ්ඩුව මියගිය කොටින්ට වන්දි ගෙවීමට තීන්දු ගන්නවා. විශාල අමාත්‍ය මණ්ඩලයක් නඩත්තු කරන්න මාසයකට රුපියල් කෝටි 50ක් වැය කරනවා. සබීතාගේ බිල්ඩිමට නිකරුණේ කුලී ගෙවනවා. ඔවුන් මේ අනුවණ – තකතිරු වැඩ සියල්ල කරන්නේ ජනතාවගේ බදු මුදල්වලිනුයි. එනිසා මෙවැනි අනුවණ – තකතිරු වැඩ කරන්න ආණ්ඩුවකට මේ රටේ ජනතාව තවදුරටත් බදු ගෙවිය යුතු නැහැ. මියගිය කොටින්ට වන්දි ගෙවන්න ඇයි ජනතාව බදු ගෙවන්නේ ? විද්‍යාත්මකව පත් කරපු එකම ඇමතිටත් අලියෙක්වත් එලවා ගන්න බැරිනම් ඇයි මේ අය නඩත්තුවට ජනතාව බදු ගෙවන්නේ? ඒ නිසා මේ රටේ ජනතාව සාමූහිකව තීරණය කරන්න ඕනේ ‘හැකි පමණ මේ ආණ්ඩුවට බදු ගෙවීමෙන් අපි වැළකිය යුතුයි ’ කියා. එහෙම කරලා මේ බදු මුදල්වලින් සිදු කෙරෙන අනුවණ – තකතීරු වැඩවලට අපේ අප්‍රසාදය පළ කළ යුතුයි ”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
Jun 20, 2018
Home
slide
විද්‍යාත්මක ඇමතිට අලියෙක්වත් එලවගන්න බෑ.. ජනතා බදු මුදලින් මියගිය කොටින්ට වන්දි.. බදු ගෙවන ඔබට ස්තුතියි..
විද්‍යාත්මක ඇමතිට අලියෙක්වත් එලවගන්න බෑ.. ජනතා බදු මුදලින් මියගිය කොටින්ට වන්දි.. බදු ගෙවන ඔබට ස්තුතියි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
