අල්ලස් කොමිසට දෙන තොරතුරු අතුරුදන් වෙයි - Neth News Blog

Jun 20, 2018

අල්ලස් කොමිසට දෙන තොරතුරු අතුරුදන් වෙයි

වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ ජාවාරමකට අදාළව තමා විසින් 2017 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලෙහි ලේඛන හා පිටපත් මේ වනවිට අතුරුදන් වී ඇතැයි "දූෂණ විරෝධී හඬ, කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

තමා පැමිණිල්ල පිළිබඳ විමර්ශනයට අදාළ තොරතුරු දැනගැනීමට
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පසුගිය දා ගිය අවස්ථාවක මේ පිළිබඳ දැනගන්න ලැබුණු බව ඔහු කියා සිටී.

තමා කළ මූලික පැමිණිල්ල පමණක් එහි තිබූ බව පවසන ඒ මහතා හොරුන් ඇල්ලීමට තිබෙන ස්ථානවල දේවල් හොරුන් අරන් යෑමේ ක්‍රියාදාමයක්ද මේ වනවිට පැනනැඟී ඇති බවයි.

තම පැමිණිල්ලට අදාළ පිටපත් වහාම සොයා තමාට දැනුම් දෙන්නැයි එම කොමිසමේ නිලධාරීන්ට පැවසුවද මෙතෙක් පිළිතුරක්වත් නොලැබුණු බව ඔහු කියා සිටී.