මං ඇමතිවරයෙක්.. ගහපියවු මට සැලියුට්..- නි. ඇමති තෙවරප්පෙරුම ප‍්‍රසිද්ධියේ STF බලඇණියකටම පීචං කරයි.. - Neth News Blog

Jun 27, 2018

මං ඇමතිවරයෙක්.. ගහපියවු මට සැලියුට්..- නි. ඇමති තෙවරප්පෙරුම ප‍්‍රසිද්ධියේ STF බලඇණියකටම පීචං කරයි..

නියොජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර උණුසුම් සංවාදයක් සූරියවැව ප‍්‍රදේශයේදී ඇතිවිය.

එම ප‍්‍රදේශයේ අලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ වාදයකට පැටළුනේ අනවසරයෙන් පස්
ප‍්‍රවාහනය කරන ලොරි රථ වැටලීමක නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමගයි.

‘මහත්තය නෙමෙයි ඇමතිවරයෙක්. සැලියුට් එකක් ගහල කතාකරනවා තමුසේ පොලිස් කාරයෙක් නං’ යයිද නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පොලිස් නිලධාරීන්ට කීය.