මාතර නගරයම වෙඩි හඬින් ගිගුම් දෙයි - පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් ගැටෙයි - පොලීසියේ තිදෙනෙක්ට වෙඩි (photos) - Neth News Blog

Jun 22, 2018

මාතර නගරයම වෙඩි හඬින් ගිගුම් දෙයි - පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් ගැටෙයි - පොලීසියේ තිදෙනෙක්ට වෙඩි (photos)

මාතර නගරයේ නිලේකා ස්වාර්ණභරණ ආයතනය කොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලීසිය අතර  වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

එහිදී පොලීසියේ තිදෙනෙකු හා එක් සිවිල් වැසියෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තාවන්නේ.තුවාල ලැබූ පොලිස් නිළධාරීන් අතුරින් එක්
අයකුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වෙඩි තැබීමෙන් එක් කොල්ලකරුවෙකුටද තුවාල සිදුව ඇති අතර, පොලිස් වෙඩි තැබීම් හමුවේ අනෙක් කොල්ලකරුවන් පලාගොස් තිබෙනවා.

ඔවුන් අත් අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලීසිය සඳහන් කළා.