ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් වටිනා නැව් දෙකක් ඩොලර් මිලියන 70ක් ගෙවා නැව් සංස්ථාවට මිලදී ගැනීමේ සිද්ධියකට අදාළ විමර්ශන සඳහා බැංකු ගිණුම් 6ක් පරීක්ෂා කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න
මෙනෙවිය එකී බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සඳහා නියෝගයක් නිකුත් කළාය.
2014 වසරේ නැව් 2ක් නැව් සංස්ථාවට මිලදී ගෙන ඇති බවද එවකට ජනාධිපතිවරයා සහ වරාය හා නාවික අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා නැව් දෙක මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවේ සඳහන් කර ඇත.
එවකට වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාව සිටි රංජිත් ප්‍රේමසිරි යන අය රුපියල් ලක්ෂ 574ක දේපළ නැව් මිලදී ගත් කාලසීමාව තුළ උපයා ගෙන ඇති බවත් ඊට අමතරව රංජිත් ප්‍රේමසිරි යන අයගේ බිරියගේ සහෝදරයා ගාල්ල ප්‍රදේශයේ ඉදි කෙරෙන "ආර්කේඩ් ලංකා" නමැති හෝටල් ව්‍යාපෘතියක් සඳහා ලක්ෂ 200ක මුදලක් ලබාදී ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාසය අදාළ වාර්තාවේ සඳහන් කර තිබේ.
චීන සමාගමකින් අදාළ නැව් මිලදී ගෙන ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් කර තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කරයි.
Jun 22, 2018
කොමිස් ගහන්න නැව් ගැනීම : බැංකු ගිණුම් 6ක් පරීක්ෂා කිරීමට නියෝග
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
