ඤාණසාර හිමි ඇප මත නිදහස්.. - Neth News Blog

Jun 22, 2018

ඤාණසාර හිමි ඇප මත නිදහස්..

ප්‍රගීත්  එක්නැලිගොඩගේ බිරිදට  බැණ තර්ජනය කිරීමට වරදකරු වීම නිසා මාස හයක සිර දඩුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇපමත නිදහස් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළේය.

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමියන් විසින් ඉදිරිපත් කල අභියාචනය
සලකා බැලූ හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිමියන් නිදහස් කිරීමට නියෝග කළේය.

ඥානසාර හිමියන්ට විදෙස්ගමන්ද තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට දැනුම් දෙන්නැයිද නියෝග කළේය. ඥානසාර හිමියන් අධිකරණයට රැගෙනවිත් සිටියේ නැත.