චන්දිමාල්ගේ අභියාචනය ICCය ප්‍රතික්ෂේප කරයි! - Neth News Blog

Jun 22, 2018

චන්දිමාල්ගේ අභියාචනය ICCය ප්‍රතික්ෂේප කරයි!

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ගේ අභියාචනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද (23) පැවැත්වීමට නියමිත තරගයට සහභාගීවීමට ඔහුට අවස්ථාව හිමි වන්නේ නැහැ.

දිනේෂ් චන්දිමාල් ගේ අභියාචනය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පත්කරන ලද
නීති නිලධාරි මයිකල් බෙලොෆ් විසින් ඊයේ (22) දිනයේදී පැය 04 ක කාලයක් ඒ පිළිබඳව විභාග කිරීමෙන් අනතුරුව එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර 2 වන ටෙස්ට් තරගයේ 3 වන දිනයේදී පන්දුව වෙනස් කිරීම හේතුවෙන් එයට විරෝධය පළකරමින් පිටියට පිවිසීමට පැය 2 ක කාලයක් ගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කලමනාකරු අසංක ගුරුසිංහට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලබන විමර්ෂණය ලබන බදාදා (27) පැවැත්වීමට එහි නීති නිලධාරි මයිකල් බෙලොෆ් ඊයේ දින නියම කර තිබෙනවා.