මාතර සිද්ධියට කාන්තාවකුත් අල්ලයි – කොස්ගොඩ තාරක දැඩිසත්කාරයට – තවත් දෑ රැසක් එළියට - Neth News Blog

Jun 22, 2018

මාතර සිද්ධියට කාන්තාවකුත් අල්ලයි – කොස්ගොඩ තාරක දැඩිසත්කාරයට – තවත් දෑ රැසක් එළියට

මාතර නගරයේ ඊයේ (22) උදෑසන සිදුවූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් පොලිසිය සම්පූර්ණ සවිස්තර වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක්ද
අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

ඇය පාතාල නායක කොස්ගොඩ තාරකගේ මව වන “අංගම්පොඩි ජානකී” නමැත්තිය බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම පසුගිය දිනක අත්තනගල්ලේ සංගීත ප්‍රසංගයක් අතරතුර පුද්ගලයෙකු වෙඩි තබා මරා දමා ගැබිණි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 4දෙනෙකුට තුවාළ සිදුකළ වෙඩි තැබීම සිදුකර ඇත්තේ ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් සැඟව සිටියදී අත්අඩංගුවට පත් චාමර ඉන්ද්‍රජිත් නමැත්තා බව ද පොලිසිය සඳහන් කරනවා.

තව ද කොස්ගොඩ තාරක සහ ඔහුගේ සොයුරා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.

(අදාළ නිවේදනය සඳහා පහළට යන්න)